ICTA-නැණසල කැබිතිගොල්ලෑව

welcome to our blog

We are Magcro

Powered by Blogger.

Posts

Comments

The Team

Blog Journalist

Connect With Us

Join To Connect With Us

    Posted by: Unknown Posted date: 12:05 AM / comment : 1

    කැබිතිගොල්ලෑව නැණසල මධ්‍යස්ථානය හා සමාධි උසස් අධ්‍යාපන ආයතනය එක්ව සංවිධානය කරන ලද නැණසල ඉ-දිරිය ශිෂ්‍යත්ව වැඩසටහනේ පළමු අදියර සදහා සිසු දරු දැරියන්ට ශිෂ්‍යත්ව ප්‍රධානය කිරීම 2012.12.13 වන දින කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වින.
     
    මේ සඳහා කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයේ පාසැල් 07ක දක්ෂ දරු දැරියන් අතරින් අවසාන වාර පරීක්ෂණයෙන් ප්‍රථම,දෙවන හා තෙවන ස්ථාන හිමිකර ගත් සිසු දරු දැරියන් 150 දෙනකුට අධික සංඛ්‍යාවක් තොරා ගන්නා ලදී. මේ යටතේ තොරාගත් දරුවන් සඳහා තොරතුරු තාක්ෂණය, ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව යන විෂයයන් සඳහා වසරක කාලයක ශිෂ්‍යත්වයක් හිමිවේ. 
     
    මෙම අවස්ථාව සඳහා කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් පී.ආර්. ජයරත්න මහතා සහ සහකාර ප්‍රාදේශිය ලේකම් එම්.සී. චන්ද්‍රදාස මහත්මිය සමගින් කැබිතිගොල්ලෑව නැණසල ව්‍යාපෘති කළමණාකරු එස්.පී.එම්. දිලීප් කුමාර යන මහත්ම මහත්මීන් සමග පාඨමාලා දේශක තාරක තිසේරා මහතාද සහභාගී විය.

    මෙහිදී ශිෂ්‍යත්වලාභීන් ඇමතූ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය ලේකම් විසින් අනාගත ලෝකය තුල තොරතුරු තාක්ෂණය භාවිතාවේ තීරණාත්මක සාධක ගැන හා එහි ඇති වැදගත්කම පැහැදිලි කරමින් කථා කල අතර නැණසල ආයතනයේ ඉ-දිරිය වැඩසටහන පිළිබඳ එතුමාගේ ප්‍රණාමය ඵල කරන ලදී.


    ශිෂ්‍යත්ව හිමිකම් සහතික ප්‍රදානයේ ඡායාරූප කිහිපයක් .....................
     
     









     

    icon allbkg

    Tagged with:

    Next
    Newer Post
    Previous
    Older Post

    1 for ඉ-දිරිය ශිෂ්‍යත්ව වැඩසටහන - 2013

Comments

The Visitors says